ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණ, ධවල මන්දිරයේ දී ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවුණා.
ඒ රුසියන් – යුක්‍රේන යුද්ධය විසඳීමේදී, යුක්‍රේනයට අසාධාරණයක් නොකරන්නැයි ඉල්ලමින්.
යුක්‍රේනට සාමය උදා කිරීම යනු, යුක්‍රේනය රුසියාවට යටත් නොවීම බවයි මැක්රොන් විසින් එහිදී ට්‍රම්ප්ට පෙන්වා දුන්නේ.
ට්‍රම්ප් විසින් රුසියන් – යුක්‍රේන යුද්ධය විසඳීමට සූදානම් වන්නේ, රුසියාවට පක්ෂව යැයි යුක්‍රේනයේ හිතවතුන් වන ප්‍රංශය ද ඇතුළු සෙසු යුරෝපා රටවල් චෝදනා කරනවා.
සුහඳශීලීව පැවැති සාකච්ඡා අතරතුරේ, ට්‍රම්ප් මැක්රොන්ට පෙන්වා දුන්නේ රුසියන් – යුක්‍රේන යුද්ධය කඩිනමින් අවසන් නොකළොත්, එය තෙවැනි ලෝක යුද්ධය තෙක් දුරදිග යෑම නැවැත්විය නොාහැකි බවයි.
එසේ වීමට තමන් කිසිසේත් ඉඩ නොදෙන බවට ට්‍රම්ප් පොරොන්දු වී තිබෙනවා.
මැක්රොන්, ධවල මන්දිරයේ දී ට්‍රම්ප් හමුවූයේ, රුසියන් – යුක්‍රේන යුද්ධයට වසර තුනක් සපිරෙද්දී වීම විශේෂත්වයක් වනවා.