ඊජිප්තුවේ දේශීයව නිෂ්පාදනය කළ ජලයේ යා හැකි මෝටර් රථයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ සඳහා මේ වනවිට ඉහළ ඉල්ලුමක් ලැබී තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.
මෙම වාහනය අමෙරිකා ඩොලර් 20,000 සිට 40,000 දක්වා අතර මුදලකට අළෙවි වනවා.
ඒ අනුව මේ වනවිට අළෙවි වී ඇති වාහන ප්‍රමාණය 950ක් වන බව ද සඳහන්.
එමෙන්ම මෙම වාහනය දැනටමත් ඩුබායිහි විනෝදාත්මක උද්‍යානවල භාවිතයට ගන්නා බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.