Latest News

අමෙරිකානු ගුවන් යානයක් හදිසියේම රෝමයට ගොඩබස්වයි – හේතුව මෙන්න

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ සිට ඉන්දියාව බලා පියාසර කළ ගුවන්යානයක බෝම්බයක් ඇතැයි ලැබුණු ඊමේල් පණිවුඩයක් හේතුවෙන් එම ගුවන්යානය රෝමයට ගොඩ බැස්සවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම බෝම්බ තර්ජනයට ලක්වී ඇත්තේ මගීන් 199 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 15 දෙනකු රැගෙන නිව්යෝර්ක් නුවර ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපොළ දක්වා පියාසර කළ අමෙරිකානු ගුවන්සේවයට අයත් යානයක්.

අදාළ ගුවන්යානය මධ්‍යම ආසියාවේ නැඟෙනහිර දෙසින් පිහිටි කැස්පියන් මුහුදට ඉහළින් පියාසර කරමින් තිබියදී එම බෝම්බ තර්ජන ඊමේල් පණිවුඩය ලැබී ඇති බවත් වාර්තා වනවා.

අනතුරුව ඉතාලි ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ගුවන්යානා දෙකක ආරක්ෂාව මැදින් රෝමයට ගොඩ බැස්සවීමට බලධාරින්ට සිදුවූ බව සඳහන්.

එම ගුවන් යානය රෝමයේ ලියනාඩෝ ඩාවින්සි ගුවන්තොටුපොළට ගොඩ බස්වා පූර්ණ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර, පැය 3කට අධික කාලයකට පසු එහි ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසු යළි ඉන්දියාව බලා පියාසර කළ බවයි අමෙරිකාවේ ෆෙඩරල් ගුවන් මෙහෙයුම් ඒජන්සිය ප්‍රකාශ කර ඇත්තේ.

World News

Send your contact Details Today