Latest News

පාකිස්ථානයෙන්, විශේෂ රෝගීන් පිරිසක් වාර්තාවීම ඉහලට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්ථානයෙන් ඉකුත් සතියේ දී තවත් පෝලියෝ රෝගියෙකු වාර්තා වී ඇති අතර ඒ සමග 2025 දී පාකිස්ථානයෙන් වාර්තා වූ පෝලියෝ රෝගීන් සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පෝලියෝ තුරන් කිරීම සඳහා වන ප්‍රාදේශීය විමර්ශන රසායනාගාරයේ නිලධාරියෙකු උපුටා දක්වන්නේ, මෙම නව රෝගියා වාර්තා වී ඇත්තේ සින්ද් හි ලර්කානා ප්‍රදේශයෙන් බවයි.

එලෙස පෝලියෝ රෝගියෙකු ලෙස හඳුනාගෙන ඇත්තේ මාස 54ක් වයසැති දැරියක් බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වනවා.

මෙම වසරේ සින්ද් ප්‍රදේශයෙන් වාර්තා වූ දෙවැනි පෝලියෝ රෝගියා මෙය වන අතර, තුන්වන රෝගියා Khyber Pakhtunkhwa පළාතෙන් වාර්තා වී තිබෙනවා.

මේ අතර 2024 වසරේ දී පෝලියෝ රෝගීන් 74ක් වාර්තා වෙමින් පාකිස්ථානය තුළ පෝලියෝ වෛරසය නැවත හිස ඔසවමින් තිබෙන බව වාර්තා කරන එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ, එම රෝගීන්ගෙන් 27ක් බලොකිස්ථානයෙන් ද, 22ක් කේපී ප්‍රදේශයෙන් ද, 23ක් සින්ද් ප්‍රදේශයෙන් ද, පන්ජාබ් සහ ඉස්ලාමාබාද් ප්‍රදේශයෙන් එක් අයෙකු බැගින් ද වාර්තා වූ බවයි.

World News

Send your contact Details Today