Latest News

වික්ටෝරියාවේ සර්පයින් ගැන අලුත්ම අනාවරණයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වික්ටෝරියා ප්‍රාන්තය තුළ වැඩි වශයෙන් දක්නට ලැබෙන සර්පයින් පිළිබඳව නවතම අනාවරණයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ප්‍රාන්තය තුළ සුලභව දක්නට ලැබෙන සර්පයෙකු ලෙස Common Tiger Snake හදුන්වා තිබෙන අතර මොවුන් උග්‍ර විෂ සහිත සර්පයින් ගණයටයි අයත් වන්නේ.

Red – Bellied Black Snake ද වික්ටෝරියා ප්‍රාන්තය තුළ බහුලව දක්නට ලැබෙන සර්ප ව්ශේෂයක් වනවා.

මොවුන් ද උග්‍ර විෂ සහිත සර්ප කුලකයට අයත් වන බවටයි සැළකෙන්නේ.

Carpet Python පිඹුරු විශේෂයද වික්ටෝරියාව තුළ සුලභව දක්නට ලැබෙන නමුත් ඔවුන් විෂ සහිත සර්පයන්ගේ ගණයට අයත් වන්නේ නැහැ.

වික්ටෝරියා ප්‍රාන්තය තුළ Yellow Faced Whip Snake සර්ප විශේෂය ද බහුලව දක්නට ලැබෙනවා.

ඊට අමතරව උග්‍ර විෂ සහිත සර්පයෙකු ලෙස සැළකෙන Lowland Copperhead Snake ද ප්‍රාන්තය තුළ දක්නට ලැබෙන සර්පයෙකු ලෙස ද වැඩිදුරටත් සඳහන්.

World News

Send your contact Details Today