චීනය සමග ද්වි-මාර්ග ආයෝජන තවදුරටත් සීමා කිරීම කෙරෙහි අවධානය යොමු කර, අමරිකාවේ ආයෝජන ප්‍රතිපත්ති සකස් කරන බව නිවේදනය කරමින්, අමරිකාව පසුගිය 21වැනිදා “පළමුව ඇමරිකාව” නමැති ආයෝජන ප්‍රතිපත්ති සංදේශයක් නිකුත් කර තිබෙනවා.
චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කමිටුව අද (24) මේ සම්බන්ධයෙන් චීනයේ අදහස ප්‍රකාශ කළා.
ජාතික ආරක්ෂාව පිළිබඳ සංකල්පය අනිසි ලෙස නැවත නැවතත් පුළුල් කොට දෙරට ආර්ථික හා වෙළඳ හුවමාරුවලට අඛණ්ඩව බාධා කිරීම සම්බන්ධයෙන් චීන ව්‍යාපාරික ප්‍රජාව දැඩි විරෝධය පළ කරන බවයි එහිදී සඳහන් කළේ.
වෙළඳපල ආර්ථිකයේ නීතිවලට සහ සාධාරණ තරඟකාරිත්වයේ මූලධර්මවලට ගරු කරන ලෙස චීනය අමරිකාවෙන් ඉල්ලා සිටිනවා.
දෙරට ව්‍යාපාරික ප්‍රජාවන්ට අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහ ජයග්‍රාහී සහයෝගීතාවයක් ඇති කර ගැනීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම සඳහා, ආර්ථික හා වෙළඳ ක්ෂේත්‍රවල ජාතික ආරක්ෂක සීමාවන් පැහැදිලි කරන ලෙසත්, චීනය සහ අමරිකාව අතර ද්වි-මාර්ග ආයෝජන සඳහා ඇති සීමාවන් අවලංගු කරන ලෙසත්, චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කමිටුව සඳහන් කරනවා.