Latest News

පාප් වහන්සේ ගැන වතිකානුවෙන් නවතම නිවේදනයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තවමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වතිකානුව නිවේදනය කරනවා.

සිදුකළ රුධිර පරීක්ෂණ මඟින් උන්වහන්සේගේ වකුගඩු අකර්මණ්‍ය වීමේ සුළු සලකුණු පෙන්නුම් කරන බවටයි අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් එය දැනට පාලන තත්ත්වයේ පවතින බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

වතිකානුව ඊයේ (23) ප්‍රකාශ කළේ 88 හැවිරිදි පාප් වහන්සේ ඔහුගේ පෙනහළු දෙකෙහිම නියුමෝනියාවෙන් පෙළෙන බවයි.

ඔක්සිජන් අඛණ්ඩව ලබා ගන්නා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉරිදා උදෑසන ජෙමෙලි රෝහලේ 10 වන මහලේ සිට ශුද්ධ වූ දිව්‍ය පූජාවට සහභාගී වූ බවත් වතිකානුව සඳහන් කරනවා.

පාප් වහන්සේ සිය සෞඛය තත්ත්වය පිළිබඳව ජනතාවට විවෘතව දැනුම් දෙන ලෙස වතිකානු බලධාරීන්ගෙන සිදුකර තිබූ ඉල්ලීමකට අනුවයි වතිකානුව මෙලෙස නිවේදන නිකුත් කරමින් උන්වහසේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැනුම් දෙන්නේ.

World News

Send your contact Details Today