Latest News

රෝහල්ගතව සිටින පාප් වහන්සේගෙන් විශේෂ පණිවුඩයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

පාප් වහන්සේ සිය නිල X ගිණුම ඔස්සේ මෙම පණිවුඩය නිකුත්කර ඇති අතර, ලොව පුරා සිට තමන්ට ලැබුණු සැනසිලිදායක යාච්ඤාවලට කෘතඥවන බවයි උන් වහන්සේ එහි සඳහන් කර ඇත්තේ.

“මෑත දිනවල මට බොහෝ සෙනෙහස පිළිබඳ පණිවිඩ ලැබී ඇති අතර, දරුවන්ගෙන් ලැබුණු ලිපි සහ චිත්‍රවලින් මම විශේෂයෙන් කම්පනයට පත් වී සිටිමි. මෙම සමීපතාවයට සහ ලොව පුරා සිට මට ලැබුණු සැනසිලිදායක යාච්ඤාවලට ස්තූතියි ! මා වෙනුවෙන් යාච්ඤා කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි.” යනුවෙන් එම පණිවුඩයේ දැක්වෙනවා.

මේ අතර වතිකානය නිවේදනය කළේ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් බරපතළ බවයි.

උන්වහන්සේගේ ශරීරයේ රුධිර පට්ටිකා මට්ටම පහළ යාමත් සමඟ රුධිරය ලබාදීමටත් සිදුවූ බවත්, ශ්වසන අපහසුතා හේතුවෙන් ඔක්සිජන් ලබාදීමටත් වෛද්‍යවරුන් පියවර ගත් බවත් වතිකානය දැනුම් දුන්නා.

88 හැවිරිදි වියේ පසුවන ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය සතියේ රෝහල්ගත කෙරුණා.

World News

Send your contact Details Today