Latest News

අමෙරිකානුවන්ට බිත්තර කන විදිහ වෙනස් කිරීමට සිදුවෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ බිත්තර මිල ඉහළයාම හා බිත්තර හිගවීම සමග පාරිභෝගිකයෙකුට එක්වරකට මිලදී ගත හැකි බිත්තර ප්‍රමාණය සීමා කර තිබෙනවා.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා බිත්තර මිල සියයට 15 කට අධික සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මේ වන විට එරට බිත්තර 12 ක මිල ඩොලර් 05 කට ආසන්න වනවා.

අමෙරිකාව තුල සීග්‍රයෙන් පැතිර යන කුරුළු උණ හේතුවෙන් බිත්තර හිඟ වීමත් සමගයි බිත්තර මිල ඉහළ ගොස් ඇත්තේ.

ඒත් සමගම කූඩු තුළ ඇති කරන කිකිලියන්ගෙන් ලබා ගන්නා බිත්තර පමණක් අලෙවි කිරීමට පනවා තිබූ නීති ඉවත් කර ඇති අතර සෞඛ්‍ය ආරක්ෂිතව නිවෙස්වල ඇති කරන කිකිලියන්ගේ බිත්තර අළෙවියට ද අවසර ලබාදී තිබෙනවා.

කුරුළු උණ රෝගය හේතුවෙන් මේ වන විට අමෙරිකාවේ කුකුළන් මිලියන 160 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today