Latest News

රියැලිටි තරගයකදී කට වරද්දාගත් YouTube තරුවකට තහනමක් – පොලිසියටත් පැමිණිලි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දීය සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ චරිතයක් වන රන්වීර් අල්ලාබාදියා, ‘India’s Got Talaent’ නම් YouTube රියලිටි තරගයේදී සිදු කළ අශෝභන ප්‍රකාශයක් දැවැන්ත විවාදයකට තුඩු දී තිබෙනවා.

මෙම සිද්ධිය හේතුවෙන් නීතිමය ක්‍රියාමාර්ග, මරණ තර්ජන හා අන්තර්ජාල අන්තර්ගත නියාමනය පිළිබඳ සමාජ සංවාදයක් ද ඇති වී තිබෙනවා.

විනෝදාත්මක තරග වැඩසටහනේ විනිශ්චයකරුවෙකු ලෙස කටයුතු කළ අල්ලාබාදියා, තරගකරුවෙකුගෙන් දෙමාපියන්ගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධ ඉතා අශිෂ්ට ප්‍රශ්නයක් විමසා තිබෙනවා.

ඔහු තරගකරුට දෙමාපියන් සමඟ අඹුසැමි සබඳතා පවත්වන්නට ප්‍රසිද්ධියේ යෝජනා කර තිබෙනවා.

එතුලින් වැඩසටහන නරඹන්නන්ට විනෝදයක් එක්කිරීමට උත්සාහ දරා ඇති අතර මෙම ප්‍රශ්නය සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වීමත් සමඟ දැඩි විරෝධයක් ඇති වී තිබෙනවා.

මිලියන 8ක පමණ රසික පිරිසක් සිටින ‘බියර්බිසෙප්ස්’ නම් YouTube නාලිකාවේ හිමිකරු වන අල්ලාබාදියා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ‘ජාතික නිර්මාණකරුවන්ගේ සම්මානයක්’ ද වරෙක හිමි කරගත් අයෙක් වනවා.

ඔහු ඉන්දීය ඇමතිවරුන්, බොලිවුඩ් නළු නිළියන්, ක්‍රිකට් ක්‍රීඩකයන් හා හොලිවුඩ් නළු නිළියන් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වා ඇති ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක්.

සිද්ධියෙන් පසු YouTube සමාගම විසින් අදාළ වීඩියෝව ඉවත් කර ඇති අතර, අල්ලාබාදියාට එරෙහිව පොලිස් පැමිණිලි රැසක් ගොනු කර තිබෙනවා.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් තාවකාලිකව තහනම් කර තිබෙනවා.

හිටපු WWE මල්ලවපොර ක්‍රීඩක සෞරව් ගුර්ජාර් විසින් අල්ලාබාදියාට එරෙහිව ප්‍රසිද්ධියේ තර්ජනය කර ඇති අතර, ඔහුගේ සමාව ප්‍රතික්ෂේප කර දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දන්වා තිබෙනවා.

මේ අතර අල්ලාබාදියා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට මරණ තර්ජන එල්ල වීම හේතුවෙන් නීතිමය ආරක්ෂාව ඉල්ලා සිටීමට සිදුව තිබෙනවා.

මෙම තත්පර ගණනක වැරදීම කෙතරම් බලපා ඇතිද යත් රියිලිටි තරගාවලිය පවා නතරකරවා තිබෙනවා.

වැඩසටහනේ නිර්මාතෘ සමය් රයිනා විසින් ‘ඉන්දියාස් ගොට් ලේටන්ට්’ හි සියලු කොටස් යූටියුබ් වෙතින් ඉවත් කර ඇති අතර, පරීක්ෂණ කටයුතු සඳහා සහය දීමට එකඟ වී තිබෙනවා.

මෙම සිද්ධිය ඉන්දියාවේ කතාකිරීමේ නිදහස සහ වගකිවයුතු අන්තර්ගත නිර්මාණය පිළිබඳ සංවාදයක් ද ඇති කර තිබෙනු දක්නට පුළුවන්.

World News

Send your contact Details Today