Latest News

පාකිස්තානයට, තලේබාන් පාලනයෙන් අනතුරු ඇඟවීමක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තානයේ සිටින ඇෆ්ගනිස්තාන සරණාගතයින් අත්අඩංගුවට ගැනීම් වේගවත් කර ඇතැයි පාකිස්තානයේ පිහිටි ඇෆ්ගන් තානාපති කාර්යාලය චෝදනා කරනවා.

අදාළ නාතාපති කාර්යාලය පෙන්වා දෙන්නේ පාකිස්තානයේ අගනුවර සහ ඒ ආසන්න නගරයක සියලුම ඇෆ්ගන් සරණාගතයින් රටින් නෙරපා හැරීමට සැලසුම් ක්‍රියාත්මක බවයි.

කෙසේවෙතත් පාකිස්තානයේ විදේශ අමාත්‍යාංශය එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් පෙන්වා දෙන්නේ, බලධාරීන් උත්සාහ කරන්නේ ඇෆ්ගනිස්තානුවන් කඩිනමින් තම මව් රටට ආපසු යැවීම සඳහා කොන්දේසි සම්පාදනය කිරීමට බවයි.

මේ අතර පාකිස්තානය තුළ සිටින ඇෆ්ගන් වැසියන්ට සිදුකරන ක්‍රියා සම්බන්ධයෙන් තලේබාන් පාලනය පාකිස්තානයට අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

World News

Send your contact Details Today