Latest News

AI නිසා මෙල්බන් උසස් පාසලක සිසුවියන් පිරිසක් අපහසුතාවයට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙල්බන් උසස් පාසලක සිසුවියන්ගේ අසභ්‍ය පින්තූර මාලාවක් අන්තර්ජාලට මුදාහැර තිබෙනවා.

ග්ලැඩ්ස්ටෝන් පාර්ක් උසස් පාසලේ සිසුවියන්ගේ ඡායාරූප බොහොමයක් AI තාක්ෂණය ඔස්සේ අන්තර්ජාලයට මුදාහැර ඇති බවයි පොලීසිය පවසන්නේ.

විදුහල්පති වෙරෝනිකා හෝයි කියාසිටියේ ජ්‍යෙෂ්ඨ සිසුන් සමාජ මාධ්‍ය කණ්ඩායම් ඔස්සේ මෙම පින්තූර හුවමාරු කර ගෙන ඇති බවයි.

මේ සම්බන්ධයෙන් දරුවන්ගේ දෙමාපියන් මෙන්ම භාරකරුවන් ද දැනුවත් කළ බවද ඇය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අදාල සිසුන්ට සුදුසු විනය ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන ඇති බවද ඇය වැඩිදුරටත් කියාසිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

World News

Send your contact Details Today