ඉන්දියාවේ දේශපාලනඥයෙකුට පුද්ගලයෙක් ක්‍රිකට් පිත්තකින් පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා.
එරට කොන්ග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රී රකිබුල් හුසේන්ට, මුහුණු ආවරණ සහිත පුද්ගලයන් පිරිසක් මෙලෙස පහර දී තිබෙන බවයි ඉන්දීය මධ්‍ය වාර්තා කරන්නේ.
ඊයේ මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් ඇසෑම් ප්‍රාන්තයේ නාගොන් දිස්ත්‍රික්කයේ පක්ෂ රැස්වීමකට සහභාගි වීමෙන් අනතුරුව මෙම පහරදීම සිදුකර තිබෙනවා.
ක්‍රිකට් පිත්තෙන් පහරදීමෙන් පසු එම පිරිස මන්ත්‍රීවරයා පසුපස හඹා ගොස් ආරක්ෂක නිලධාරියෙකුගේ ආයුධය උදුරා ගැනීමට උත්සාහ කරන ආකාරය ද මෙම වීඩියෝ දර්ශනවල ඇතුළත්.
ඉන්දියාවේ ආරක්ෂක අංශ පැවසුවේ කිහිපදෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.
