චීන ජාතිකත්වය සහිත අපරාධ සැකකරුවන් 200 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම මියන්මාරයේ සිට චීනයට රැගෙන එම සිදු කෙරුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව චීන පොලිසිය විසින්, ඊයේ (20) විශේෂ චීන සිවිල් ගුවන් යානා හතරකින් එම පිරිස මියන්මාරයේ සිට යළි චීනයට රැගෙනවිත් තිබෙනවා.
ඒ මියන්මාරයේ Myawaddy කලාපයයේ සිටයි.
එම විශේෂ චීන සිවිල් ගුවන් යානා මියන්මාරයෙන් පිටත් වී, තායිලන්තය හරහා, ඊයේ සවස චීනයේ Jiangsu පළාතේ Nanjing ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟාවුණ බව ද සඳහන්.
ඉදිරි දින කිහිපය තුළ, චීන ජාතිකත්වය සහිත තවත් අපරාධ සැකකරුවන් 800කට වැඩි පිරිසක් චීනයට රැගෙන ඒමට නියමිතයි.
මෙය චීනය, මියන්මාරය සහ තායිලන්තය අතර ජාත්‍යන්තර පොලිස් සහයෝගීතාවයේ විශිෂ්ට ජයග්‍රහණයක් බවයි විදේස් මාධ්‍ය වාර්තා කරන්නේ.










