යුක්රේන ජනාධිපතිවරයා ඒකාධිපතියෙකු බව අමෙරිකා ජනාධිපතිවරයා පවසනවා.
ෆ්ලොරිඩාවේ පැවති ආයෝජකයන්ගේ හමුවකදී අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේන ජනාධිපති වොල්දෝමීර් සෙලෙන්ස්කි ඒකාධිපතියෙකු ලෙස හඳුන්වා තිබෙනවා.
එහිදී ඔහු පවසා ඇත්තේ සෙලෙන්ස්කි සැබෑවටම දක්ෂ වූයේ ජෝ බයිඩ්න් කියන දේ කිරීමට පමණක් බවයි.
අමෙරිකා ජනාධිපතිවරයා විසින් යුක්රේන ජනාධිපතිවරයා ඒකාධිපතියෙකු ලෙස හැදින්වීම ජර්මන් චාන්සලර් ඇතුලු යුරෝපා නායකයින් හෙළා දැක තිබෙනවා.
ඔවුන් පවසා ඇත්තේ ජනාධිපති සෙලෙන්ස්කිගේ ප්රජාතන්ත්රවාදී නිත්‍යානුකූල භාවය ප්‍රතික්ෂේප කිරීම වැරදි සහ භයානක එකක් බවයි.
එක්සත් රාජධානියේ අගමැතිවරයා යුක්රේන ජනාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලබාදෙමින් සහාය පළ කරන බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ස්වීඩන් අගමැතිවරයා ද ට්‍රම්ප්ගේ ඒකාධිපතියා යන වචනය විවේචනය කර තිබෙනවා.