Latest News

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වතිකානුවෙන් කියන අලුත්ම කතාව

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තවමත් සංකීර්ණ මට්ටමක පවතින බව වතිකානුව පවසනවා.

ඒ අනුව මේ වනවිට ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පෙනහළු දෙකෙහිම නියුමෝනියාව රෝගී තත්ත්වය පවතින බවයි වතිකානුව පවසන්නේ.

88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සතියකට වැඩි කාලයක් ශ්වසන ආසාදනයකින් පෙළෙමින් සිටිනවා.

ඒ හේතුවෙන් උන්වහන්සේ රෝමයේ ගෙමෙල්ලි රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත් පාප් වහන්සේ පොත් කියවීම, විවේක ගැනීම හා යාඥා කරමින් දවස ගත කරන බවයි වාර්තා වන්නේ.

පාප් වහන්සේගේ දින දර්ශනයේ සියලුම පොදු වැඩකටයුතු ලබන ඉරිදා දක්වා අවලංගු කර තිබෙනවා.

World News

Send your contact Details Today