Latest News

සිය න්‍යෂ්ටික බලශක්තිය ගැන ජපානය ගන්න යන තීරණය

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජපානය සිය න්‍යෂ්ටික බලශක්ති ඉලක්කය ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

AI සහ අර්ධ සන්නායක වැනි බලශක්ති පිපාසයෙන් පෙළෙන අංශවලින් ලැබෙන අධික ඉල්ලුමට සාපේක්ෂව සිය න්‍යෂ්ටික බලශක්ති ශක්තිය වැඩි කර ගැනීමට අපේක්ෂා කරන බවයි ජපානය විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ.

ඊට එරට අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය හිමිව තිබෙනවා.

ජපානයේ ආර්ථිකය, වෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශය විසින් ලියන ලද බලශක්ති සැලැස්ම පවසන්නේ 2040 වන විට න්‍යෂ්ටික බලශක්තිය 2040 දී ජපානයේ ජාල සැපයුමෙන් 20% ක් විය යුතු අතර එය 2023 දී 8.5% ක කොටස මෙන් දෙගුණයකටත් වඩා වැඩි විය යුතු බවයි.

ජපානය දැන් වාණිජ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක 14ක් ක්‍රියාත්මක කරන අතර අදාළ සැලැස්මට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වනු ඇති අතර ඉදිරි මාසවලදී ඊට අදාළ කටයුතු සිදුවෙනු ඇති.

World News

Send your contact Details Today