Latest News

සෙලෙන්ස්කි ගැන කළින් බෑ කියූ දෙයකට, පුටින් දැන් හා කියයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඕනෑම මොහොතක, අවශ්‍ය වුවහොත්, තමන් යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවී, රුසියන් යුක්‍රේන අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවධාරණය කරනවා.

රුසියන් – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ අපේක්ෂාවෙන්, රුසියන් සහ යුක්‍රේන නියෝජිතයෝ සෞදියේ රියාද් අගනුවරදී හමුවී සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

ඊට සමගාමීව රුසියන් සහ අමෙරිකන් නියෝජතයන් දෙරටේ සබඳතා සහ යුරෝපයේ සෙසු අර්බුද ගැන ද සාකච්ඡා පවත්වන බවයි වාර්තා වන්නේ.

රුසියන් ජනාධිපති පුටින් මීට පෙර පවසා තිබුණේ තමන් රුසියන් – යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් කිසිම අවස්ථාවක සෙලෙන්ස්කී හමුවී සාකච්ඡා නොකරන බවයි.

කෙසේ නමුත්, මේ වනවිට පුටින් සිය තීරණය වෙනස් කර ඇති බවයි පැවසෙන්නේ.

World News

Send your contact Details Today