අමෙරිකාව තුළ බිත්තර නිෂ්පාදනය අඩාල වී ඇති අතර වෙළෙඳපොළේ දැවැන්ත බිත්තර හිඟයක් ඇතිවී තිබෙනවා.
ඒ අමෙරිකාව පුරා පැතිරයන කුරුළු උණු රෝගය හේතුවෙන්.
පසුගිය සතියේ දී එරටින් ඉතිහාසයේ වැඩිම බිත්තර මිලද වාර්තා වුණා.
බිත්තර 12ක වටිනාකම සටහන් වූයේ ඩොලර් 4.95ක් ලෙසයි.
පසුගිය වසරේ දී බිත්තර 12ක මිල සටහන්වී ඇත්තේ ඩොලර් දෙකක් ලෙසයි.
ඒ අනුව බිත්තර හිඟය හා අධික මිල හේතුවෙන් තුර්කියෙන් බිත්තර මිලදී ගැනීමට මේ වනවිට අමෙරිකාව සූදානම් වනවා.
ඒ සඳහා තුර්කි බිත්තර නිෂ්පාදකයින් එකඟවී ඇති අතර ලබන ජුනි මාසය වනවිට බිත්තර ටොන් 15,000ක් අමෙරිකාවට ලබාදෙනු ඇති.