Latest News

ඔබ නොසිතු රටකට තාප තරංග බලපෑමක් ගැන විශේෂ අනාවරණයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාව තුළ තාප තරංග (Heatwaves) හේතුවෙන් සිදුවන මරණ ප්‍රමාණය සියයට 20% කින් පමණ ඉහළ ගොස් තිබෙන බවට හදුනාගෙන තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලය සිදු කර ලද අධ්‍යයනයක් ඔස්සේ මේ පිළිබඳව කරුණු රැසක් අනාවරණය වී තිබෙන බවයි පැවසෙන්නේ.

ප්‍රාදේශීය කලාපවල ජීවත්වන ජනතාවට සාපේක්ෂව අඩු ආදායම්ලාභී නාගරික ප්‍රජාව සහ සෞඛ්‍ය ගැටළුවලින් පීඩාවට පත්ව සිටින පුද්ගලයන්ට මේ හරහා වැඩිම අවදානමක් පවතිනවා.

අදාළ පර්යේෂණය ඔස්සේ අර්ධ නාගරික ප්‍රදේශ 2000 කට වඩා විශ්ලේෂණය කර තිබෙන අතර රට තුළ ජනගහණයෙන් සියයට 70 ක් පමණ ජීවත් වන ප්‍රධාන නගරවලට තාප තරංග (Heatwave) හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වන බවටයි අනාවරණය වී ඇත්තේ.

අවම බලපෑමක් සහිත තාප තරංග (Heatwaves) තත්වයන් සහ මරණ අනුපාතය අතර ද යම් සබදතාවක් පවතින බවට මෙම අධ්‍යයනය ඔස්සේ හදුනාගෙන තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක පැට්‍රික් අමෝටි විසින් ප්‍රකාශ කළේ ඇතැම් රටවල් භාවිතා කරන Heatwave Vulnerability Index තාක්ෂණය බලධාරීන්ට උපකාරී කර ගත හැකි බවයි.

World News

Send your contact Details Today