Latest News

යුක්‍රේනයේ සාමය සඳහා චීනය ඉදිරිපත් වෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සාම සාකච්ඡා ඇරඹීමට මෑතකදී අමරිකාව සහ රුසියාව එළඹ ඇති එකඟතාව ඇතුළු යුක්‍රේනයේ සාමය ස්ථාපිත කිරීම සඳහා දරන සියලු ප්‍රයත්නයන් අගය කරන බව එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ යුක්‍රේනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඊයේ (17) පැවති සාකච්ඡාවේදී අදහස් දක්වමින්.

එහිදී Fu Cong මහතා වැඩිදුරටත් සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූලව සාකච්ඡා මාර්ගයෙන් ගෝලීය ආරවුල් සාමකාමීව විසඳා ගැනීමට චීනය අඛණ්ඩව පෙනී සිටින බවයි.

අර්බුදය ආරම්භයේ සිටම චීනය සාකච්ඡා මාර්ගයෙන් දේශපාලන විසඳුමක් ඉල්ලා සිටි බව ද ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ එහි ආරක්ෂක මණ්ඩලයේ රාමුව යටතේ මෙම ප්‍රශ්නයේදී චීනය පුළුල් සහභාගීත්වයක් ලබා දී ඇති අතර සටන් විරාමය සහ දේශපාලන විසඳුම් මාර්ගය ප්‍රවර්ධනය කිරීමට ඵලදායී කාර්යභාරයක් ඉටු කර ඇති බව ද Fu Cong මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

World News

Send your contact Details Today