Latest News

පාර්ලිමේන්තුවේ අසත්‍ය පැවසූ විපක්ෂ නායකයෙකු අධිකරණයකින් වැරදිකරු වෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිංගප්පුරු විපක්ෂනායක ප්‍රිතම් සිං පාර්ලිමේන්තුව හමුවේ අසත්‍ය ප්‍රකාශ සිදුකිරිමේ චෝදනාවකට වරදකරු වී තිබෙනවා.

ඒ අනුව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ සිදුකළ ප්‍රකාශයක් අසත්‍ය තොරතුරු මත පදනම්ව සිදුකර ඇති බවටයි එරට අධිකරණයක් විසින් තීන්දු කර ඇත්තේ.

මෙම තීරණයත් සමග ඔහුට මේ වසරේ දී පැවැත්වෙන මහා මැතිවරණය සඳහා තරග කිරීමේ අවස්ථාව ද අහිමි වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

චෝදනාව සම්බන්ධයෙන් වරදකරුවීම හේතුවෙන් ඔහුට සිංගප්පූරු ඩොලර් දස දහසක දඩයක් හෝ වසරක සිරදඬුවමක් නියම වනු ඇති බවද සඳහන්.

48 හැවිරිදි සිංගප්පුරු විපක්ෂනායක සිප්‍රීතම් සිං 2021 වසරේ පාර්ලිමේන්තු කාරක සභාවක් හමුවේ සිදුකළ ප්‍රකාශයක් මෙම සිදුවීමට හේතුවී තිබෙනවා.

World News

Send your contact Details Today