Latest News

මංගල පෙරහැර අතරතුර මනාලයෙකුට අත් වූ අවසානාවන්ත ඉරණම (VIDEO)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

26 හැවිරිදි මනාලයකු සිය මංගල දිනයේදීම හදිසියේ මියයාමේ පුවතක් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

මංගල පෙරහැර අතරතුරදී ඔහු අශ්වයාගේ පිට උඩින් බිමට වැටි ඇති බව සඳහන්.

එහිදි ඔහුව රෝහලක් වෙත කඩිනමින් රැගෙන ගියද ඒ වන විටත් ඔහු මිය ගොස් සිට තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා පැවසුවේ.

පසුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ ඔහුට හෘදයාබාධයක් ඇති වී ඇති බවයි.

සාම්ප්‍රදායික ඇඳුමින් සැරසුණු එම ඉන්දීය මනාලයා අශ්වයාගේ පිට උඩ සිට අඩපන වී වැටෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

World News

Send your contact Details Today