අමෙරිකාවට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 10 දෙනෙකුට ජීවිත අහිමි වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගිනිකොනදිග ඇමෙරිකාවේ ප්‍රදේශ රැසකට අධික වර්ෂාවෙන් සහ ගංවතුර හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර පසුගිය සති අන්තයේදී පමණක් මෙම පිරිස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කළේ.
ගංවතුර හේතුවෙන් දහස් ගණනක පිරිසක් අවතැන්ව සිටින අතර ඇතැම් ජනතාව තම මෝටර් රථ තුළ සිරව සිටියදී බේරාගත් බව කෙන්ටකි ආණ්ඩුකාරවරයා සඳහන් කළා.
කෙන්ටකී / ජෝර්ජියා / ඇලබාමා / මිසිසිපි / ටෙරසි / වර්ජිනියා /බටහිර වර්ජිනියා හා උතුරු කැරොලිනා යන ප්‍රාන්තයන්ට අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
ප්‍රාන්ත 08ක ලක්ෂ 05කට අධික පිරිසකට විදුලිබලයද ඇනහිටි බවයි වාර්තා වන්නේ.