Latest News

සිරදඬුවම් විඳින සුකේෂ්ගෙන්, පෙම්වතුන්ගේ දිනයේදී ජැක්ලින්ට ඩොලර් මිලියන ගණනක තෑග්ගක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ කූප්‍රකට මූල්‍ය වංචාකරු සුකේෂ් චන්ද්‍රසේකර්, පෙම්වතුන්ගේ දිනයේදී ශ්‍රී ලාංකික බොලිවුඩ් නිලි ජැක්ලින් ෆර්නැන්ඩස්ට පෞද්ගලික ජෙට් යානයක් තෑගි කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඇය සුකේෂ්ගේ මූල්‍ය වංචා නඩුවේ විත්තිකාරිනියක ද වන අතර, එවකට ඔහුගෙන් අතිසුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු මිල අධික භාණ්ඩ රැසක් තෑගි වශයෙන් ලැබීමෙන් ඔහුගේ නඩුවේ විත්තිකාරිනියක බවට ද පත්වූවා.

බන්ධනාගාරයේ සිට වරින් වර ජැකලින් වෙත පෙම් හසුන් එවනු ලබන සුකේෂ් මෙවර පෙම්වතුන්ගේ දිනයේදී ඇයට තෑගි කළ පෞද්ගලික ජෙට් යානයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 13.5ක් බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

එම ජෙට් යානය තෑගි කරමින් ඔහු විසින් ලිපියක් ද එවා ඇති අතර, මීට පෙර ඇයට තෑගි කළ භාණ්ඩ මෙන් නොව මෙවර තෑගි කරනු ලැබුවේ නියමිත බදු ගෙවා නීත්‍යානුකූලව මිලදී ගත් ජෙට් යානයක් බැවින් කිසිවකුට ඒ පිළිබඳ ප්‍රශ්න කළ නොහැකි බවද ඔහු සිය ලිපියෙහි සඳහන් කර තිබෙන බවත් සඳහන් වනවා.

World News

Send your contact Details Today