ජනප්‍රිය පෘතුගාල සංචාරක නගරයක් වන, Albufeira හි සංචාරක නීතිය සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව සංචාරකයින්ට පිහිනුම් ඇඳුම් ඇඳගෙන වීදිවල අවිදයාම තහනම් කිරීමට පියවර ගන්නා බවයි වාර්තා වන්නේ.
මිනිසුන් පොදු ස්ථානවල අර්ධ හෝ සම්පූර්ණ නිරුවතින් සිටීම පැහැදිළිවම තහනම් කර තිබෙනවා.
නව සැළසුම්වලට අනුව පිහිනුම් ඇඳුම් ඇඳගෙන හෝ කමිසයක් නොමැතිව වෙරළින් බැහැරට යන ඕනෑම පුද්ගලයෙකුට යූරෝ 1,500 ක දඩ මුදලක් නියම කළ හැකියි.
පෘතුගාලයේ Albufeira වෙරළබඩ නගරය, බ්‍රිතාන්‍ය නිවාඩු ගත කරන්නන්ගේ ප්‍රියතම නගරයක්.