Latest News

Sri Lankan ගුවන් සේවයට, ලෝකයෙන් විශේෂ ඇගයීමක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 වසර සදහා නම් කළ ලොව හොදම පූර්ණ සේවා (Full Service) ගුවන් සමාගම් ලැයිස්තුවට Sri Lankan ගුවන් සේවය නම් කර තිබෙනවා.

Airlines Ratings වෙබ් අඩවිය විසිනුයි මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත්තේ.

එහිදී වැඩි ප්‍රමුඛතාවයක් ලබා දී ඇත්තේ පිරිමැසුම්දායක පන්තියේ (Economoy Class) හි මගීන් සදහා වන සුවපහසුවයි.

එමෙන්ම ගුවන් ගමනේදී ඔවුන්ට විදීමට සිදුවන අත්දැකීම්, ආසනවල සුවපහසුව ඇතුලු කරුණු රැසක් කෙරෙහි මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

මෙම ලැයිස්තුවට අනුව Sri Lankan ගුවන් සේවය 20 වන ස්ථානයට නම් කර තිබෙනවා.

ශ්‍රේණිගත කිරීමේ දී ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත්තේ Korean Air ගුවන් සේවයයි.

මෙම ලැයිස්තුවට නම් කර ඇති ගුවන් සමාගම් 25 න් බහුතරයක් ආසියානු මහද්වීපය පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වන ගුවන් සේවා වීම ද කැපී පෙනෙනවා.

ඒ අනුව 2025 වසර සදහා වන හොදම Full Service ගුවන් සමාගම් ලැයිස්තුවක් මෙසේයි.

  1. Korean Air
  2. Qatar
  3. Air New Zealand
  4. Cathay Pacific
  5. Singapore Airlines
  6. Emirates
  7. Japan Airlines
  8. Qantas
  9. Etihad
  10. Turkish Airlines
  11. EVA Air
  12. Fiji Airways
  13. Virgin Atlantic
  14. ANA
  15. Aero Mexico
  16. Air Caraibes
  17. Thai Airways
  18. STARLUX Airlines
  19. Vietnam Airlines
  20. Sri Lankan Airlines 🇱🇰
  21. Air France
  22. KLM (note the airline are trialling a Hybrid model on some routes)
  23. Air Calin
  24. Air Mauritius
  25. Garuda Indonesia

World News

Send your contact Details Today