යුක්‍රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ පිහිටි විකිරණ නවාතැනට රුසියාව විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව යුක්‍රේන ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි පවසනවා.
කෙසේවෙතත් ප්‍රහාරයත් සමඟ අදාළ ස්ථානයේ ඇති වූ ගින්න නිවා දමා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය අදාළ ස්ථානයේ පරික්ෂා කිරීමක් සිදු කර තිබූ අතර, බලාගාරයෙන් විකිරණ පිටවන තරම් හානියක් සිදුව නොමැති බවටයි තහවුරු කරගෙන ඇත්තේ.
කෙසේ වෙතත් රුසියාව මෙම ප්‍රහාරය පිළිබද මේ දක්වා කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැහැ.
වසර 1986 දී චර්නොබිල් බලාගාරයේ ලොව දරුණුතම න්‍යෂ්ටික අනතුර සිදු වූ අතර එම අවස්ථාවේදී අදාළ විකිරණශීලී ද්‍රව්‍ය යුරෝපය පුරා පැතිර යාමත් සමඟ හදිසි අවස්ථාවක් ද ප්‍රකාශයට පත් කළා.