තම රජය අමරිකාවේ Google සමාගමට එරෙහිව සිවිල් නඩුවක් ගොනු කිරීමට සූදානම් බව මෙක්සිකෝ ජනාධිපතිනි Claudia Sheinbaum Pardo මහත්මිය ප්‍රකාශ කරනවා.
ඒ අමරිකාව විසින් මෙක්සිකෝ බොක්ක “අමරිකානු බොක්ක” ලෙස ඒකපාර්ශ්විකව නම් කරන බවට චෝදනා කරමින්.
මෙක්සිකෝ සිටි අගනගරයේ ජාතික මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය කියා සිටියේ, Google සමාගම එලෙස නම වෙනස් කිරීම “මෙක්සිකෝවේ ස්වෛරීභාවය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක්” බවයි.
අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් කරන ලද විධායක නියෝගයකට අනුව, “අමරිකානු බොක්ක” යන නම අමරිකානු මහාද්වීපයට අයත් මුහුදු කලාපයේ පමණක් භාවිත කෙරෙනවා.
Google සමාගම කිසිදු අවසරයකින් තොරව මෙක්සිකෝ මහාද්වීපික තටාකය හා මෙක්සිකෝ බොක්කයේ මුහුදු කලාපය දක්වා එම නාමය යොදා ගැනෙන පරාසය පුළුල් කර ඇති බව ඇය පෙන්වා දුන්නා.
මෙම ක්‍රියාව ජාත්‍යන්තර නීතිය සහ අමරිකා-මෙක්සිකෝ ද්විපාර්ශ්වික ගිවිසුම් නොසලකා හැරීමක් බව ද ඇය අවධාරණය කළා.