Latest News

ඔස්ට්‍රේලියාව, චීනයෙන් විශේෂ ඉල්ලීමක් කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජාත්‍යන්තර ගුවන් හා මුහුදු සීමාවන් තුළ ආරක්ෂාකාරීව හැසිරෙන්නැයි ඔස්ට්‍රේලියාව චීනයෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය අඟහරුවාදා දකුණු චීන මුහුදේ ඔස්ට්‍රේලියානු නිරීක්ෂණ ගුවන් යානයක් ආසන්නයෙන් චීන ප්‍රහාරක ජෙට් යානයක් ගිනි පුපුරු නංවමින් ගමන් කර තිබුණා.

එය ඔස්ට්‍රේලියා බලධාරීන් දැඩිව හෙළා දකිමින් සඳහන් කළේ අනාරක්ෂිත ලෙස අනෙක් පිරිස් අවදානමට ලක් නොකර ගුවන් අත්හදා බැලීම් සිදුකරන ලෙසයි.

එසේ තිබියදී ඔස්ට්‍රේලියාවේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් චීන යුධ නෞකා 3 ක් අද ආරක්ෂ අංශක විසින් අධීක්ෂණය කර තිබෙනවා.

එමගින් ඔස්ට්‍රේලියා හමුදාවට හෝ ගුවන් යානයට කිසිදු හානියක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඉදිරියේදීත් ඔස්ට්‍රේලියාවේ ගුවන් හා සමුද්‍රීය වශයෙන් අධීක්ෂණය කිරීමේ කටයුතු අඛන්ඩව දැඩිව ක්‍රියාත්මක කරන බවයි ආරක්ෂක අංශ අවධාරණය කළේ.

World News

Send your contact Details Today