වසර 2030 වන විට ලෝක කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට එක්වීම සඳහා උස්බෙකිස්තානයෙන් ඉන්දියාවේ ප්‍රකට තාක්ෂණ සමාගමකට අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට මේ වන විට රටවල් රැසක් එක්වී සිටින අතර, මධ්‍යම ආසියාවෙන් එක්වන දෙවැනි රට බවට ද උස්බෙකිස්තානය පත්වනු ඇති බවයි වාර්තා වන්නේ.
මීට පෙර තවත් මධ්‍යම ආසියාතික රටක් වන කිර්ගිස්තානය ද කෘත්‍රිම බුද්ධි තාක්ෂණ සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.
තවත් වසර 5කින් කෘත්‍රිම බුද්ධියෙන් ලොව ජයගැනීමේ අපේක්ෂාවෙන් පසුවන උස්බෙකිස්තානයේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරයා පසුගියදා එරට කෘත්‍රිම බුද්ධි සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ඉදිරිපත් කිරිමක් ද සිදු කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
උස්බෙකිස්තානයේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණ සංවර්ධන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව භාර දී ඇත්තේ ‘එල් ඇන්ඩ් ටී ඉන්ඩියා’නමැති සමාගමකට බවත්, එම සමාගමේ මෙහෙයුම් රටවල් 50කට අධික ප්‍රමාණයක සිදුවන බවත් වාර්තා වනවා.