Latest News

ජර්මනියේ සරණාගතයෙක් එරට පුද්ගලයින් 28 දෙනෙකුට, කවුරුත් නොසිතූ දෙයක් කරයි (PHOTOS)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජර්මනියේ මියුනික් හිදී විරෝධතාවක නිරත වෙමින් සිටි පිරිසක් අතරට සිතාමතා මෝටර් රථයක් ධාවනය කිරීමෙන් සිදුකළ අනතුරකින් පුද්ගලයින් 28දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කෙසේ වුවද අනතුරින් සිදුවී ඇති ජීවිත හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ.

අනතුරට ලක්වූ පිරිස අතර කම්කරු වෘත්තිය සමිති විරෝධතාවකට එක්වූ පිරිසක් ද වන බවයි වාර්තා වන්නේ.

අනතුර පිළිබඳව නිශ්චිත වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති අතර සැකකරුවන් දෙදෙනකු පිළිබඳව අනතුර සියැසින් දුටු පිරිස් කරුණු පවසා තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම මෝටර් රථයේ රියදුරු ලෙස පැවසෙන අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරන්නේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 24 හැවිරිදි ඇෆ්ගනිස්තාන ජාතික සරණාගතයෙකු බවයි.

මෙම නගරයේදී ඉහළ පෙළේ ආරක්ෂක සමුළුවක් ද පැවැත්වීමට නියමිතව තිබියදී මෙම සිද්ධිය වාර්තා වී ඇති අතර අදාළ සමුළුව සඳහා අමෙරිකානු උප ජනාධිපති සහ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ද එක්වීමට නියමිතව සිටි බවත් වාර්තා වනවා.

World News

Send your contact Details Today