Latest News

ළමා උද්‍යානයකින්, දෙවැනි ලෝක යුද්ධයට අයත් සක්‍රිය බෝම්බ තොගයක් මතුවෙයි (VIDEO)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

උතුරු එංගලන්තයේ ළමා උද්‍යානයක වළලා තිබූ දෙවැනි ලෝක මහා යුද සමයට අයත් බෝම්බ 176ක් සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බෝම්බ තොගය හමුවී ඇත්තේ උතුරු එංගලන්තයේ වූලර් ප්‍රදේශයේ පිහිටි එම ළමා උද්‍යානයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරතව සිටි සේවකයන් පිරිසකට වන අතර, එම බෝම්බ සක්‍රිය මට්ටමේ පැවැති බව විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

බෝම්බ තොගය සොයා ගැනීමෙන් පසු ළමා උද්‍යානය තාවකාලිකව වසා දැමීමට නගර බලධාරීන් පියවර ගෙන තිබෙන බව විමර්ශන කණ්ඩායම් උද්‍යානය තුළ වළලා ඇති බෝම්බ ගොඩගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

ළමා උද්‍යානයක බෝම්බ වැළලීම පිළිබඳ නගර බලධාරීන් දැඩි විමතියට පත්වූවද, එම උද්‍යානය දෙවැනි ලෝක මහා යුද සමයේදී හමුදා කඳවුරක් හෝ හමුදා පුහුණුව සඳහා භාවිත කළ ප්‍රදේශයක් විය හැකි බවටයි විමර්ශන නිලධාරීන් අනුමාන කර ඇත්තේ.

World News

Send your contact Details Today