බංග්ලාදේශයේ පැවැති රාජ්‍ය විරෝධි විරෝධතා අතරතුරදී පුද්ගලයින් 1,400ක පිරිසක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විමර්ශකයින් චෝදනා කරන්නේ බලයෙන් පහකළ හසීනා රජය විසින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකර ඇති බවයි.
එමෙන්ම මෙම ඝාතන බොහෝමයක් ආරක්ෂක අංශ අතින් සිදුව ඇති බව ද එම සංවිධානය පෙන්වා දෙනවා.
මේ අතර බංග්ලාදේශයේ භාරකාර නායකයා ලෙස කටයුතු කරන මුහම්මද් යුනුස් ඩකා අගනුවර පිහිටි හසීනා පරිපාලනයේ වදකාගාරයන් සහ රහසිගත සිර මැදිරි කිහිපයක් නැරඹීමට එක්ව තිබෙනවා.