Latest News

USAID විසින් රටවල් 50ක් අනාථ කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකා ජනාධිපතිවරයා විසින් USAID අත්හිටුවීමෙන් රටවල් 50කට බලපෑම් එල්ලවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය හෙවත් USAID ආයතනය වසා දැමීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගත්තා.

ඒ එම ආයතනය අනවශ්‍ය ලෙස මුදල් වැයකර ඇති බව පවසමින්.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ USAID ආධාර නතර කිරීම නිසා HIV, පෝලියෝ , එම්පොක්ස් හා කුරුලු උණ මැඩපැවැත්වීමේ වැඩසටහන්වලට බලපෑම් එල්ල වී ඇති බවයි.

මේ හේතුවෙන් මෙම රෝග මැඩපැවැත්වීම සඳහා අරමුදල් සොයා ගන්නා තෙක් USAID නතර නොකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ට්‍රම්ප් පරිපාලනයෙන් ඉල්ලා තිබෙනවා.

World News

Send your contact Details Today