Latest News

එමිරේට්ස් ගුවන් යානයකින් මෙල්බන් වෙත පැමිණි පුද්ගලයෙකුගේ රෝගයක් නිසා විශේෂ දැනුම්දීමක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එමිරේට්ස් ගුවන් යානයකින් ඔස්ට්‍රේලියාවට පැමිණි පුද්ගලයෙකුට සරම්ප රෝගය වැළඳී ඇතැයි මෙල්බන් නුවරින් වාර්තා වනවා.

මෙල්බන් පදිංචිකරුවෙකු වන මොහු පසුගියදා පකිස්තානයේ සංචාරයකින් පසුවයි මෙරටට පැමිණ ඇත්තේ.

ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK408 දරන ගුවන් යානයෙන් පැමිණි මොහු වෛරස් උණ රෝගයෙන් පෙළෙන බවට එහිදී තහවුරු වී තිබෙනවා.

ඒ අනුව එම ගුවන් යානයේ සිටි මගීන් සිය ගණනකට සරම්ප රෝග ලක්ෂණ නිරීක්ෂණය කරන ලෙසයි බලධාරීන් දැනුම් දී ඇත්තේ.

එමෙන්ම බලධාරීන් සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියේ විදෙස් ගතවීමට පෙර එන්නත්කරණය යාවත්කාලීන කිරීමට වගබලා ගන්නා ලෙසයි.
මේ වනවිට පකිස්ථානය තුළ සරම්ප රෝගය විශාල වශයෙන් පැතිරෙමින් පවතිනවා.

එහි සංචාරය කළ ඔස්ට්‍රේලියානුවන් නව දෙනෙකුට සරම්ප රෝගය වැළඳී ඇතැයි ද හඳුනාගත් බවයි වාර්තා වන්නේ.

මේ අතර වියට්නාමය, තායිලන්තය, ඉන්දියාව, එක්සත් රාජධානිය සහ අමරිකාව යන රටවලින් මැදපෙරදිග, අප්‍රිකාව සහ යුරෝපය යන කලාපවලින් ද සරම්ප රෝග ව්‍යාප්තිය වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

World News

Send your contact Details Today