හමාස් සංවිධානය ලබන සෙනසුරාදා වන විට ප්රාණ ඇපකරුවන් නිදහස් නොකළහොත් ගාසා තීරයේ සටන් විරාමය අවසන් කරන බව ඊශ්රායලය පවසනවා.
පලස්තීන හමාස් සටන්කාමීන් සෙනසුරාදා දහවල වන විට අපගේ ප්රාණ ඇපකරුවන් ආපසු භාර නොදෙන්නේ නම් ගාසා තීරයේ සටන් විරාමය අවසන් කර දැඩි සටන් නැවත ආරම්භ කරන බවට ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අනතුරු අඟවනවා.
තවත් ප්රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම නැවත දැනුම් දෙන තුරු කල් දමන බවට හමාස් සංවිධානය කළ නිවේදනයට ප්රතිචාර වශයෙනුයි ඊශ්රායලය මේ බව සඳහන් කර ඇත්තේ.
කෙසේ වෙතත් නෙතන්යාහු ඉල්ලා සිටින්නේ ඉතිරිව සිටින ප්රාණ ඇපකරුවන් 76 දෙනා ද නැතහොත් සෙනසුරාදා නිදහස් කිරීමට නියමිත තුන් දෙනා පමණක්ද යන්න මෙතෙක් සඳහන් කර නැහැ.
එහෙත් හමාස් සංවිධානය පවසන්නේ සටන් විරාම ගිවිසුමට තමන් තවමත් කැපවී සිටින බවයි.