Latest News

දෝෂාභියෝගය හමුවේ රුමේනියා ජනාධිපති දරුණු තීරණයක් ගනියි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුමේනියා ජනාධිපති ක්ලව්ස් අයෝහානිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රුමේනියා ජනාධිපතිවරයා පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ එරට ජනාධිපතිවරණය අවලංගු කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව ඊයේ (11) දිනයේ දී දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

එම දෝෂාභියෝගය ගෙනඒමට පෙර ඔහු ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කළේ.

ලබන මැයි මාසයේ මැතිවරණය පැවැත්වෙන තෙක් ක්ලව්ස් අයෝහානිස් ජනාධිපති ධුරයේ රැඳී සිටීමට දැඩි උත්සාහයක් ගත්තද විපක්ෂයේ බලපෑම හේතුවෙන් එය අසාර්ථක වූවා.

2014 වසරේ සිට දෙවරක් ජනාධිපති ධුරය හොබවා ඇති ඔහු පසුගිය මැතිවරණය අවලංගු කිරීමත් සමග අනුප්‍රාප්තිකයෙක් පත්වන තුරු ධුරයේ රැඳී සිටීමට සුදුසුකම් ලැබූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එම ධුරයේ අඛණ්ඩව රැඳී සිටීමට ඔහු දැරූ උත්සාහයයි මෙලෙස ව්‍යර්ථ කෙරුණේ.

World News

Send your contact Details Today