Latest News

චීනයේ තරුණ පරපුර අතර විවාහ ගැන නවතම අනාවරණයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනයේ තරුණ පරපුර අතර විවාහ වීම වාර්තාගත අයුරින් පහත වැටී තිබෙන බව එරට මාධ්‍ය සඳහන් කරනවා.

එරට තරුණ පරපුරට විවාහ වීමට සහ දරුවන් ලැබීමට චීන රජය විසින් විවිධ දිරිගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළද, පසුගිය වසරේදී එරට තරුණ පරපුර අතුරින් විවාහ ලියාපදිංචි කර ඇත්තේ මිලියන 6.1ක් බවත්, එය වසර 2023 ලියාපදිංචි විවාහ සංඛ්‍යාවට වඩා 20.5කින් පහත වැටීමක් බවත් සිවිල් කටයුතු අමාත්‍යාංශ සංඛ්‍යාලේඛනවලින් හෙළිවන බවයි එරට ECNS පුවත් සේවය වාර්තා කළේ.

වසර 1986දී චීන සිවිල් කටයුතු අමාත්‍යාංශය විවාහ ලියාපදිංචි වීමේ සංඛ්‍යාලේඛන නිරීක්ෂණය කිරීම ඇරැඹීමෙන් පසු වාර්තා වූ අඩුම විවාහ සංඛ්‍යාව පසුගිය වසරේදී සිදුවී තිබෙන බව ද වාර්තා වනවා.

මේ අතර චිනයේ දික්කසාද සංඛ්‍යාව වසරින් වසර ඉහළ යන බවත්, එය මිලියන 2.62ක් දක්වා 1.1% කින් ඉහළ ගොස් ඇති බවත් ECNS පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළා.

World News

Send your contact Details Today