Latest News

ට්‍රම්ප්ගේ “ඇමරිකානු බොක්ක” නිසා ලෝක ප්‍රජාව කැළඹේ

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජාත්‍යන්තර මුහුදු සීමාවන් තුළ පිහිටි මෙක්සිකෝ බොක්ක “ඇමරිකානු බොක්ක” ලෙස නම් කිරීමේ විවාදාත්මක තීරණය සම්බන්ධයෙන් ලෝක ප්‍රජාව තුළ දැඩි කතිකාවතක් ඇතිව තිබෙනවා.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තම ධුර කාලයේ පළමු දිනයේදීම විධායක නියෝගයක් නිකුත් කරමින් එක්සත් ජනපදයට අයත් මෙක්සිකෝ බොක්කේ කොටස “ඇමරිකානු බොක්ක” ලෙස නම් කළා.

මෙම තීරණය සමඟ පෙබරවාරි 9 වන දින “ඇමරිකානු බොක්ක දිනය” ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙක්සිකෝ බොක්ක යනු මෙක්සිකෝව හා කියුබාව ඇතුළු රටවල් කිහිපයක් අතර බෙදා හදා ගන්නා ජාත්‍යන්තර ජල මාර්ගයක්.

එක්සත් ජනපදයට තම භූමි ප්‍රදේශය තුළ පිහිටි ස්ථාන නම් කිරීමේ අයිතිය තිබුණද, ජාත්‍යන්තර ජල මාර්ගයක නම වෙනස් කිරීම සම්බන්ධයෙන් ගැටලු මතුව තිබෙන අතර මෙම නව නාමකරණය ලෝක ප්‍රජාව විසින් පිළිගනු ලබන්නේද යන්න තවමත් අවිනිශ්චිතයි.

World News

Send your contact Details Today