Latest News

ජෙට් යානා දෙකක් එකිනෙක ගැටෙයි – එක් පුද්ගලයෙකු මියගොස් තවත් කිහිප දෙනෙකුට තුවාල

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ ඇරිසෝනාහී පිහිටි ගුවන් තොටුපොළකදී ජෙට් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අදාළ ගුවන්තොටුපොළ වෙත ජෙට් යානයක් ගොඩ බැස්සවීමේදී එම යානය ධාවන පථයෙන් ඉවතට පැන ගුවන්තොටුපොළේ නවතා තිබූ තවත් ජෙට් යානයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.

World News

Send your contact Details Today