Latest News

චීන හැඳුනුම්පත් ගැන YouTube චැනලයකින් විශේෂ හෙළිදරව්වක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනයේ සංචාරය කරන අතරතුර චීන හැඳුනුම්පත් සඳහා අයදුම් කිරීමට තායිවාන පුරවැසියන්ට සහාය වන සමාගම් පහක් අනාවරණය කරගෙන ඇතැයි තායිවානයේ ජාතික සංක්‍රමණ ඒජන්සිය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යූ ටියුබ් කරුවෙකු වන “පා චියුන්ග්” විසින් තායිවානයේ ඇතැම් සමාගම් චීන ලේඛන සඳහා අයදුම් කිරීමට මිනිසුන්ට උපකාර කරන බව හෙළි කිරීමෙන් පසුවයි මෙම ප්‍රශ්නය අනාවරණය වී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ඉකුත් සතියේ දී තායිවාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Liu Shyh-fang තහවුරු කළේ, තායිවානයේ සහ චීනයේ ජනතාව අතර සබඳතා පාලනය කිරීමේ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දකුණු සහ උතුරු තායිවානයේ මහජන සම්බන්ධතා ආයතන තුනක් හෝ පහක් විමර්ශනයට ලක්ව ඇති බවයි.

තායිවාන ජාතිකයින්ට චීන හැඳුනුම්පත් සඳහා අයදුම් කිරීමට සහාය වීම සම්බන්ධයෙන් එම ආයතනවලට චෝදනා එල්ල වී තිබෙන බව ද අදාළ මාධ්‍ය වාර්තා සඳහන් කරන අතර ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත් වාර්තා වැඩිදුරටත් පවසන්නේ, මෙම සමාගම් දෙකක් තායිවානයේ ක්‍රියාත්මක වන බවයි.

එකක්, Tainan හි සංචාරක නියෝජිතායතනයක් වන අතර එය චීනයේ Xiamen හි බැංකු ගිණුමක් විවෘත කිරීම ඇතුළුව දින තුනක පැකේජ සංචාරයක් පිරිනමන බවත්, New Taipei City හි Banciao දිස්ත්‍රික්කයේ පිහිටා ඇති තවත් සමාගමක් මූලික වශයෙන් දේපල වෙළඳාම්, වාහන අලෙවිය සහ මාර්ගගත වෙළඳ දැන්වීම් සමඟ කටයුතු කරන අතර, තායිවාන පුරවැසියන්ට රාත්‍රී දෙකක, දින තුනක සංචාරයකදී චීන හැඳුනුම්පත් සඳහා අයදුම් කිරීමට උපකාර කිරීමට සේවා සපයන බවත් තායිපේ ටයිම්ස් වාර්තා කරනවා.

World News

Send your contact Details Today