වෙළඳ සහ තීරුබදු යුද්ධයෙන් කිසිවිටක ජයග්‍රාහකයින් බිහි නොවන බව චීනය පවසනවා.
අමරිකාවේ ජනාධිපති Donald Trump ඊයේ (10) වානේ සහ ඇලුමිනියම් නිෂ්පාදන සඳහා 25% ක නව තීරුබදු පනවමින් විධායක නියෝගයට අත්සන් තැබුවා.
මාර්තු 4 වැනිදා සිට එය ක්‍රියාත්මක වීමට නියමිතයි.
ඒ පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ (10) පැවති මාධ්‍ය හමුවේ දී පැවසුවේ මෙම තත්ත්වය තුළ කිසිවකු ජයග්‍රාහයකු බිහි නොවන බවයි.
ආරක්ෂණවාදයට අනාගතයක් නොමැති බව ද ඔහු අවධාරණය කළා.