Latest News

ඩොලර් බිලියන ගණනක මුදලක් අමෙරිකාවට ගෙවීමට ඔස්ට්‍රේලියාවට සිදුවෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා ඇති නව බද්දක් හේතුවෙන් ඩොලර් බිලියන ගණනක මුදලක් ඇමෙරිකාවට ගෙවීමට ඔස්ට්‍රේලියාවට ද සිදුවී තිබෙනවා.

කෙසේ වෙතත් ඒ සදහා සහනයක් දීමට තමන් අවධානය යොමු කර ඇති බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් සමඟ පැවති දුරකතන සංවාදයකදී ට්‍රම්ප් පවසා ඇත්තේ.

අමෙරිකාවට ආනයනය කෙරෙන වානේ සහ ඇලුමිනියම් සදහා 25% ක තීරු බද්දක් පැනවීමේ විධායක නියෝගයකට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා අත්සන් තබනු ලැබුවා.

අමෙරිකාවට වානේ සහ ඇලුමිනියම් අපනයනය කරන ප්‍රධානම රටක් වන්නේ ඔස්ට්‍රේලියාවයි.

ඒ අනුව අදාළ තීරු බද්ද සදහා සහනයක් ලබා ගැනීමේ අරමුණ ඇතිවයි අද පෙරවරුවේ මෙම දුරකතන සංවාදය පවත්වා ඇත්තේ.

ඉන් අනතුරුව අමෙරිකානු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ නව බදු සංශෝධනවලින් ඔස්ට්‍රේලියාව වෙත සහනයක් ලබා දීමට තමන් සලකා බලමින් සිටින බවයි.

අමරිකා එක්සත් ජනපදය වෙත ප්‍රයෝජනවත් ඛණිජ වර්ග සැපයීම ඇතුලු තවත් ක්ෂේත්‍ර රැසක් සදහා දෙරට අතර සහයෝගීතාවය වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කළ බවයි ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් විසින් අවධාරණය කර ඇත්තේ.

මෙරට වානේ වර්ග එක්සත් ජනපද නිෂ්පාදන සදහා ඉතාමත් වැදගත් වන බව ද අග්‍රාමාත්‍යවරයා විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

World News

Send your contact Details Today