අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අදත් විධායක නියෝග කිහිපයකට අත්සන් තබා තිබෙනවා.
ඒ අනුව ප්ලාස්ටික් බීම බට භාවිතය අවම කරමින් පසුගිය දා ජෝ බයිඩන් පාලනය විසින් ගෙන තිබූ තීරණ අහෝසි කිරීමට ද ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළා.
ජෝ බයිඩන් පාලනය ප්ලාස්ටික් තහනම පැනවූයේ ප්ලාස්ටික් හරහා පරිසරයට සිදුවන හානිය අවම කරගැනීමේ අරමුණින්.
කෙසේ නමුත්, රජයේ අවශ්‍යතා සඳහා බීම බට මිලදී ගැනීමේදී තවදුරටත්, කඩදාසි බීම බට මිලදී ගැනීම අවශ්‍ය නොවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසනවා.
මේ අතර අමෙරිකාවට ආනයනය කෙරෙන සියලුම වානේ සහ ඇලුමිනියම් සඳහා 25%ක තීරු බදු පැනවීම ද සුවිශේෂියි.
ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කළේ, නව තීරුබදු අමෙරිකාවේ සියලුම වෙළෙඳ හවුල්කරුවන්ට අදාළ වන බවයි.
කිසිදු පාර්ශ්වයක් තීරු බදුවලින් නිදහස් නොවන බව ද ඔහු අවධාරණය කළා.