ලෝක රාජ්‍ය සමුළුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී අද ආරම්භ වනවා.
ඒ අනුව අද සිට දින 03ක් එම සමුළුව පැවැත්වෙනු ඇති.
අනිද්දා දක්වා පැවැත්වෙන එම සමුළුවට සහභාගී වීම සඳහා මෙරටින් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස ඊයේ පස්වරුවේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වුණා.
රාජ්‍ය අමාත්‍ය ආචාර්ය තානි බින් අහමඩ් අල් සෙයුඩි ඇතුළු රාජ්‍ය නියෝජිතයන් විසින් මහත් හරසරින් පිළිගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
එමෙන්ම, ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ පස්වරුවේ මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ රාස් අල් කයිමාහි පාලකවරයාගේ බෑණනුවන් වන ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි හමුවුණා.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආර්ථික හා ආයෝජන සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ.