ඉතිහාසයේ පළමු වරට අංක රහිත Credit සහ Debit කාඩ් පත් ක්‍රමවේදයක් හදුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.
ඒ ඔස්ට්‍රේලියානු ප්‍රධාන බැංකුවක් වන AMP විසින්.
මෙහිදී සාමාන්‍ය බැංකු කාඩ් පතක දක්නට ලැබෙන ඉලක්කම් කිසිවක් ඇතුළත් නොවන අතර ඒ වෙනුවට AMP විසින් නව යෙදවුමක් (App) නිර්මාණය කර තිබෙන බවයි පැවසෙන්නේ.
ඒ හරහා ගනුදෙනුකරුවන්ගේ බැංකු කාඩ්පත් තොරතුරු වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකියි.
සාමාන්‍ය බැංකු කාඩ්පත් ක්‍රමවේදය ඔස්සේ මුල්‍ය වංචා රාශියක් නිරතුරුව සිදු වනවා.
මේ ඔස්සේ ගනුදෙනුකරුවන් Digital Tokens ක්‍රමවේදය හරහා අදාළ ගෙවීම් කටයුතු නිසි පරිදි සිදු කර හැකි බව ද සඳහන්.
කෙසේ වෙතත් මෙහිදී ගනුදෙනුකරුවන් Selfie Video තාක්ෂණය ඔස්සේ සිය අනන්‍යතාවය තහවුරු කිරීම අනිවාර්යයි.
ඒ හරහා සයිබර් අපරාධ රැසක් වලක්වා ගත හැකි බවටයි බැංකු පාලනාධිකාරිය විසින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.