Latest News

ලිබියාවට සංක්‍රමණය වීමට බලාපොරත්තු වන අයට දෙපාරක් හිතන්න වෙන කතාවක් වාර්තා වෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංක්‍රමණිකයින් 50 දෙනෙකුට ආසන්න සමූහ මිනිවල වල් 2 ක් ලිබියාවේ කාන්තාරයක තිබී හමුවී තිබෙනවා.

ලිබියාව යනු අප්‍රිකාව සහ මැද පෙරදිග සිට යුරෝපයට යාමට උත්සහ කරන සංක්‍රමණිකයින් සඳහා ප්‍රමුඛ මධ්‍යස්ථානයක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

එම සංක්‍රමණිකයින් භූමදානය කිරීමට පෙර වෙඩි තබා මරා දමා ඇති බවයි පශ්චාත් මරණ පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ.

එහිදී පුද්ගලයන් 70 කට ආසන්න පිරිසක් සොහොන් ගැබේ මිහිදන් කළ බව දිවි ගලවා ගත් පිරිස පැවසූ අතර බලධාරීහු තවමත් එම ප්‍රදේශය සෝදිසි කරමින් සිටිනවා.

මේ අතර සංක්‍රමණිකයන් රඳවා තබා ගැනීම සහ වධහිංසා පැමිණවීමේ චෝදනා සම්බන්ධයෙන් සැකපිට ලිබියානු ජාතිකයෙකු සහ විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංක්‍රමණිකයන් සම්බන්ධ සමූහ මිනීවළවල් ලිබියාවේ සාමාන්‍ය දෙයක් වන අතර පසුගිය වසරේ ට්රිපොල් අගනුවර ආසන්නයෙන් සංක්‍රමණිකයන් 65 කට ආසන්න පිරිසකගේ මළ සිරුරු සොයාගත් බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

World News

Send your contact Details Today