පාකිස්තාන පෝලියෝ වැඩසටහනට ආරක්ෂාව දුන් පොලිස් නිලධාරීන්ට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
පාකිස්තානයේ පෝලියෝ එන්නත්කරණ සේවයේ නිරතවන නියෝජිතයන්ගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් ආයුධ සන්නද්ධ කණ්ඩායම්වලින් ඝාතනයට ලක්වීම යළි උත්සන්න වී ඇතැයි එරට ට්‍රිබියුන් පුවත් සේවය වාර්තා කළා.
පාකිස්තානයේ දීපව්‍යාප්තව සිදු කරන පෝලියෝ එන්නත්කරණයේ මේ වසරට නියමිත වැඩසටහන පසුගියදා ආරම්භ වූ අතර, කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේදී පෝලියෝ එන්නත්කරණයේ යෙදී සිටි නියෝජිතයන්ගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියකු ඝාතනයට ලක්ව තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් එම වෙඩි තැබීම සිදු කර ඇති අතර, එහි වගකීම පාකිස්තානය තුළ තහනමට ලක්වූ ත්‍රස්ත කණ්ඩායමක් වන ටෙහ්රීකි තලේබාන් සංවිධානය භාරගෙන ඇතැයි එම පුවත් සේවය සඳහන් කරණවා.
වසර 2023 දී පාකිස්තානයේ පෝලියෝ එන්නත්කරණයට ආරක්ෂාව සැලසූ පොලිස් නිලධාරින් 6 දෙනකු ඝාතනයට ලක්වූ බවත්, පසුගිය වසරේදී එය සංඛ්‍යාව 73 දක්වා ඉහළ ගිය බවත් වාර්තා වනවා.
පෝලියෝ වසංගතය මේ වන විට ගෝලීය වශයෙන් තුරන් වූවද, පාකිස්තානයේ සහ ඇෆ්ගනිස්තානයේ පමණක් තවදුරටත් අඛණ්ඩව සිදුකරනු ලබනවා.
එම වැඩසටහනට එක්වී සිටින සෞඛ්‍ය නියෝජිතයන්ගේ ආරක්ෂාව තර කිරීමටයි මේ වනවිට පාකිස්තාන රජයේ අවධානය යොමුව ඇත්තේ.