අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වානේ හා ඇලුමිනියම් මත නව බදු පනවා තිබෙනවා.
අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඔහුගේ වෙළඳ ප්‍රතිපත්ති ප්‍රතිසංවිධානයේ තවත් ප්‍රධාන පියවරක් ලෙස දැනට පවතින ලෝහ තීරුබදු සඳහා වානේ සහ ඇලුමිනියම් ආනයනය වෙනුවෙන් නව 25% ක තීරුබදු පනවන බවයි.
ඒ අනුව අද (10) නව ගාස්තු ප්‍රකාශයට පත් කරන බවයි ට්‍රම්ප් කියා සිටියේ.
සියලුම රටවලට අදාළ වන පරිදි සහ ඒ ඒ රටවල් විසින් අය කරන තීරුබදු අනුපාතවලට ගැලපෙන පරිදි මෙය සංශෝධනය කෙරෙනු ඇති.
අමරිකාව වැඩි වශයෙන් වානේ ආනයනය කරනු ලබන්නේ කැනඩාව, බ්‍රසීලය සහ මෙක්සිකෝව යන රටවලින් වන අතර, දකුණු කොරියාව සහ වියට්නාමය ද ඒ අතර වනවා.